17 July 2025

logo

දකුණු අප්‍රිකාවට දැඩි ආපදාවක්



දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් පළාතට බලපෑ තිබෙන අධික වැසි, ගංවතුර සහ හිම සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් රැසක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුරකට හසුවීමෙන් පාසල් දරුවන් රැගත් කුඩා බස් රථයක් ගසාගෙන ගොස් ඇති බවයි. 

මේ වන විට එහි තිබී මළසිරුරු 8ක් සොයාගෙන තිබෙනවා. 

මේ අතර ටැම්බෝ දිස්ත්‍රික්කයේ ගංවතුරට හසු වූ 7දෙනෙක්ගේ මළසිරුරු සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 
 

(colombotimes.lk)