colombotimes.lk
සිංහල | English

18 October 2024


බංගලියන්ගේ දේශය තුළ සර්ප බිය ඉහළ යයි



රට පුරා සර්ප දෂ්ඨනයන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වීමත් සමඟ බංගලාදේශයේ සියලුම සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ රෝහල්වල විෂ නාශක ගබඩා කරන ලෙස නියෝග කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සර්ප දෂ්ඨනයට ගොදුරු වූවන් හැකි ඉක්මනින් රෝහල් වෙත රැගෙන එන ලෙසයි.

විශේෂයෙන්ම දකුණු ආසියාවේ දක්නට ලැබෙන රසල් පොළඟා විසින් දෂ්ඨ කරන පුද්ගලයින්ගේ වැඩිවීමක් බංගලාදේශයේ ග්‍රාමීය රෝහල්වලින් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම් පසුගිය සති කිහිපය තුළ බංගලාදේශ සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2023 අධ්‍යයනයකට අනුව බංගලාදේශයේ සෑම වසරකම මිනිසුන් 7,000ක් පමණ සර්ප දෂ්ඨ කිරීම් හේතුවෙන් මිය යන බව සඳහන්.

(colombotimes.lk)