17 July 2025

logo

ජනපතිට විශේෂ ලිපියක්



ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙක්ට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්.

මෙම ලිපිය මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. 

එම ඉල්ලීම් දෙක පහතින්, 

- අදාළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මෙහෙයවීම, වගකිව යුතු සියලු පාර්ශවයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය විනය හෝ නීතිමය පියවර ගැනීම.

- ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම.




(colombotimes.lk)