03 June 2025


හෙට සිට විශේෂ ජාතික සතියක් ඇරඹෙයි



ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සමාරම්භක උත්සවය ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම බදු සතිය 'බදු ශක්ති' ලෙස නම් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහිදී මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබාදීම සහ දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

(colombotimes.lk)