එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් හමුදා සංයමයක් ඉල්ලා තිබෙනවා.
ඔහු සඳහන් කළේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටුමක් ලෝකයට දරාගත නොහැකි බවයි.
කාශ්මීරයේ අප්‍රේල් 22වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකුණ බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.
ඒ සඳහා වගකිවයුත්තන් විශ්වසනීය හා නීත්‍යානුකූල ක්‍රම මඟින් නීතිය හමුවට ගෙන ආයුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)