01 July 2025

logo

සුවිශේෂී කාන්තාවක් අද දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින නිල සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. 

සිය සංචාරය තුළදී ඇය මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, 'ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය' මැයෙන් ලබන 16වනදා පැවැත්වෙන සමුළුවේ විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගී වීමට නියමිතයි. 

2005 වසරෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)