01 July 2025

logo

ඉන්දීය ධීවරයන් 08දෙනෙක් රිමාන්ඩ්



නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදේදී අත්අඩංගුවට ගෙන පසුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉන්දීය ධීවරයන් 08දෙනෙක් රිමාන්ඩ් කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ ජූලි 03වනදා දක්වායි. 

නීති විරෝධී ලෙස උතුරු මුහුදු කලාපයට පැමිණ මසුන් මරමින් සිටි මෙම ඉන්දීය ධීවරයන් 08දෙනා සමඟ ඔවුන් පැමිණි යාත්‍රාවක් ද, දැල් ආම්පන්න ද මසුන් විශාල ප්‍රමාණයක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)