01 July 2025

logo

බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්



ඉන්ධන මිල සංශෝධනයත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින 02ක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. 

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවයි. 

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමඟ එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බව නයෝමි ජයවර්ධන සඳහන් කළා.

(colombotimes.lk)