01 July 2025

logo

සීනිගම, ශ්‍රී දෙවොල් දේවාලය වෙත LANKA QR පහසුකම පිරිනමයි



සීනිගම, ශ්‍රී දෙවොල් දේවාලය වෙත ඩිජිටල් ක්‍රමවේදයන් භාවිත කරමින් දෙස් විදෙස් බැතිමතුන්හට ආධාර ලබාදීමේ පහසුකම් සලසමින් මහජන බැංකුවේ LANKA QR පහසුකම එහි භාරකාර කේ. දිනුක විජේරත්න මහතා වෙත පිරිනැමීම පසුගියදා සිදු කර තිබෙනවා. 

මේ අවස්ථාවට මහජන බැංකුවේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර ශමීර කුමාරපේළි මහතා,හික්කඩුව ශාඛා කළමණාකාර ගංගා ජිනදාස මහත්මිය සහ ගාල්ල ප්‍රාදේශීකයේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)