මහජන බැංකුවේ අභිමානවත් 64වන සංවත්සරය අදට (01) යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය විසින් මහා පුණ්‍යෝත්සවයක් ජූනි මස 27 සහ 28 දෙදින තුළ පවත්වා තිබෙනවා.
මේ යටතේ ජූනි මස 27 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පසුදින මහා සංඝරත්නය හැට හතර නමක් විෂයෙහි සපිරිකර දානමය පින්කමක්ද සංවිධානය කර තිබෙනවා.
කොළඹ කොටුව, සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දාසාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති මෙම පිංකම් මාලාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක, ඇත්කඳ රජමහා විහාරාධිපති, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නා හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ ලේඛනාධිකාරි අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)