ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ අන්‍යෝන්‍ය තීරු බදු පිළිබඳව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කනස්සල්ල පළ කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඇමරිකාව ගත් එම පියවර රටේ අපනයන අභිලාෂයන්ට හානි කළ හැකි බවයි.
එමෙන්ම ඩොලර් බිලියන 3කින් අපනයන වැඩි කිරීමේ තම රජයේ ඉලක්කයට නව තීරු බදු බාධාවක් විය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා හෙට (05) සිට ක්‍රියාත්මක වන 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර කළා.
(colombotimes.lk)