දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායය 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතු අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ,
මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වා ගෙනයාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රීය තත්ත්වයට පත්ව තිබෙනවා.
(COLOMBOTIMES.LK)