colombotimes.lk
සිංහල | English

20 May 2024

කෘෂිකර්ම ඇමතිගෙන් දැඩි නියෝගයක්



ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ඵලදාවර්ධන හා අලෙවි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා.

මෙමඟින් වැඩි වශයෙන් සිදු කරනු ලබන්නේ ඉඩම් ගොඩ කිරීමට උපදෙස් ලබා දීම බව කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අංශය වසා දමා අපනයන භෝග ව්‍යාප්ත කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන් වනවා.
(colombotimes.lk)