2025 මැයි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 මැයි මාසය සඳහා -0.7%ක් දක්වා වැඩි වී ඇති බවයි.
2025 අප්‍රේල් මාසය සඳහා එය -2.0%ක් ලෙස වාර්තා වුණා.
මේ අතර මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 5.2% දක්වා වැඩි වී තිබෙනවා.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවම සඳහන් කළේ 2025 අප්‍රේල් මාසයේදී එය 1.3%ක් ලෙස වාර්තා වූ බවයි.
එමෙන්ම අප්‍රේල් මාසයේදී -3.6%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2025 මැයි මාසයේදී -3.3%ක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)