11 July 2025

logo

සිසුන් පිරිසක් මතට තාප්පයක් කඩා වැටෙයි - එක් සිසුවෙකු ජීවිතක්ෂයට



වැල්ලම්පිටිය, වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරක් නිසා සිසුන් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා.

ඉන් එක් සිසුවෙක් මියගොස් ඇති අතර ඇය 1 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හය හැවිරිදි සිසුවියක් බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතව සිටින අනෙක් සිසුන් 6 දෙනා අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

ඒ අතරින් සිසුන් පස්දෙනෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් සිසුවෙක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා.
(colombotimes.lk)