ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ අමාත්‍යංශීය කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විමර්ශනය කර සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබෙනවා.
(colombotimes.lk)