පසුගිය පැය 24 තුළ සිදු කරන ලද මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 430දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයක් හෙරොයින් මත්ද්‍රවය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම සංඛ්‍යාව 119ක්.
එමෙන්ම තවත් 147දෙනෙක් අයිස් මත්ද්‍රවය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහෙයුම් අතරතුර හෙරොයින් කිලෝග්‍රෑම් 862ක් සහ අයිස් කිලෝග්‍රෑම් 220ක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.