colombotimes.lk
සිංහල | English

17 May 2024

ගතවූ පැය 24 තුළ අපරාධකරුවන් 625ක් අත්අඩංගුවට



දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 545 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 80 ක් සමගින් මුළු සැකකරුවන් 625 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගැනුණු ද්‍රව්‍ය පහතින්,
හෙරොයින් 160g
අයිස් 152g
ගංජා 10 kg 745 g
ගංජා පැල 34,237
මාවා 31g
මත්පෙති 683
තූල් 226g
මදන මෝදක 264g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 545 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07 ක්ද සිටින බව සඳහන්.

මීට අමතරව අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 80 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 03 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 74 ක්ද සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)