මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද (28) රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම තායිලන්තයේ බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවූ බවයි.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධ කිසිදු අහිතකර සිදුවීමක් වාර්තා වී නොමැති බව බැංකොක්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.
එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට +66 812 498 011 යන හදිසි දුරකථන අංකයට අමතන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.