04 July 2025

logo

ඉන්දියාවේ දුම්රිය ස්ථානයක ඛේදවාචකයක්



ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයේ ඊයේ (16) ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 18දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු ඉන්දියාවේ මහා කුම්භ හින්දු උත්සවය පැවැත්වෙන ස්ථානයට ගමන් කිරීමට නවදිල්ලි දුම්රිය ස්ථානයේ දුම්රියකට නැගීමට දහස් ගණනක් ජනතාව පැමිණීම හේතුවෙන් මෙම තෙරපීම සිදුවූ බවයි.

ඒ හේතුවෙන් තවත් පුද්ගලයන් 12කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

(colombotimes.lk)