උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව Colombo Times වාර්තාකරු සඳහන් කළා.
ඒ ඔහිය - පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගස දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවත්, දුම්රිය සේවකයන් එකතුව ගස කපා ඉවත් කොට මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු පැය කීපයකට පසු යතාතත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව පාලක මැදිරිය සඳහන් කළා.
(colombotimes.lk)