වතු කම්කරුවන්ගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉල්ලමින් හැටන් නගරයේ අද (01) පා ගමනක් පවත්වා තිබෙනවා.
රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව මෙම පා ගමන සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
හැටන් බස් නැවතුම්පොළ අසලින් ගමන් ආරම්භ කළ පා ගමන හැටන් දික්ඔය නගර සභා ශාලාව වෙත පැමිණ තිබෙනවා.
පා ගමනට එක් වූ සමරිසි ප්‍රජාව සහ වතු කම්කරුවන් කිහිපදෙනෙක් එක්ව විවිධ ප්‍රසංගයක්ද හැටන් නගර සභා ශාලාවේ පවත්වා තිබෙනවා.
(colombotimes.lk)