12 February 2025


සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන බවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්



පලස්තීනය සෙනසුරාදා දහවල් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු නිදහස් නොකළ හොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල විසින් අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ බව ප්‍රකාශ කළ බවයි.

ගාසා තීරය තුළ සහ අවට ඊශ්‍රායල හමුදා ආරක්ෂාව තර කරන ලෙස තමා නියෝග කළ බවද බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 76දෙනෙක් තවදුරටත් රඳවාගෙන සිටින බවයි.

මානුෂීය ආධාර අවහිර කිරීම ඇතුළුව සති 03ක් පැරණි සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කර තිබෙනවා.

(colombotimes.lk)