colombotimes.lk
සිංහල | English

08 May 2024

කොළඹට පැය 14ක ජල කප්පාදුවක්



කොළඹ ප්‍රදේශ රැසකට අද (27) ප.ව. 5.00 සිට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව නගර සභා බල ප්‍රදේශ, ජයන්තිපුර හා පැලවත්ත ප්‍රදේශවලට අද ප.ව. 5.00 සිට පසුදින පෙ.ව. 7.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.  

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)