අධිකරණය ඉදිරියේ පෞද්ගලිකව පෙනී නොසිට මාර්ගගත ක්‍රමය හරහා සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
ඒ අද (23) පාර්ලිමේන්තුවේදේ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම සංශෝධනය හරහා විත්තිකරුවන්ට හා සාක්ෂිකරුවන්ට අධිකරණයේ ඇති නඩු කටයුත්තට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවීමට හැකියාව ලැබෙන බවයි.