විදෙස් රැකියා සිහින පෙන්වූ කාන්තාවක් අත්අඩංගුවට



ඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දෙමටගොඩ ප්‍රදේශයේදී ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ෂිෆ්නා නැමැති කාන්තාවක් විසින් ඩුබායි හා කටාර් යන රටවල සුපිරි වෙළෙඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකුගෙන් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පැමිණිලි 3ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලට අනුව මෙම කාන්තාව විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)