ජලගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1200කට වැඩි හානියක් සිදුවී තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ ඊයේ (12) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීයි.
රෝහලෙන් ලබාදෙන සාමාන්‍ය පරිදි ප්‍රතිකාර සේවා සඳහා රුපියල් මිලියන 1200ක පමණ මුදලක් වැයවන බව එහිදී ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය නිරීක්ෂණය කර තිබෙනවා.
ඉන් අනතුරුව ඔහු කියා සිටියේ එය ලබන වසරේ නොවැම්බර් වන විට ඉදිකර අවසන් කිරීමට හැකි වන බවයි.
එමෙන්ම හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 2ක් වැනි කාලයක් තුළ කඩිනමින් ඉදිකිරීම් අවසන් කිරීමටත් බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියා.
(colombotimes.lk)
