13 December 2025

logo

ශ්‍රී ලංකා - ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අලුත් කරයි



ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශවික ගිවිසුම අලුත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. 

ඒ අනුව ඊට අදාළ ගිවිසුම ඊයේ (12) ඉතාලියේ රෝමයේදී අත්සන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගෝ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

එමෙන්ම විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපොඩි ඉතාලි රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)