12 December 2025

logo

බල්ගේරියානු රජය ඉල්ලා අස්වෙයි



ආර්ථික ප්‍රතිපත්ති සහ දූෂණය පිටුදැකීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සති ගණනාවක් පුරා පැවති වීදි විරෝධතා හේතුවෙන් බල්ගේරියාවේ රජය බලයට පැමිණ වසරකටත් අඩු කාලයකින් පසු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී අගමැති Rosen Zhelyazkov මෙය ප්‍රකාශ කළ බවයි. 

මෙම විරෝධය උඩඟුකමට හා උද්ධච්ඡකමට එරෙහිව නැඟුණු එකක් බවත් එය දේශපාලන විරෝධයක් නොව වටිනාකම් සඳහා වූ විරෝධයක් බවත් අගමැති සෙලියාස්කොව් ප්‍රකාශ කළා. 

මෙම ඉල්ලා අස්වීම බල්ගේරියාව 2026 ජනවාරි 1 වැනිදා යුරෝ කලාපයට එක්වීමට නියමිතව තිබියදී සිදු වීම විශේෂත්වයක්.

(colombotimes.lk)