වෙනිසියුලාවේ තෙල් නැව් 06කට ඇමරිකාව විසින් නව සම්බාධක පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට අමතරව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ ඥාතීන් සහ ව්‍යාපාර කිහිපයකට ද ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබෙන බවයි.
ඇමරිකාව විසින් ඊයේ (11) දිනයේදී ද වෙනිසියුලාවේ තෙල් ප්‍රවාහනය කරන නැවක් අල්ලාගෙන තිබෙනවා.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අල්ලා ගත් යාත්‍රාවේ ස්කිපර් 'නීති විරෝධී තෙල් නැව්ගත කිරීමකට' සම්බන්ධ වී ඇති අතර අදාළ නෞකාව ඇමරිකානු වරායකට ගෙන යන බවයි.
(colombotimes.lk)
