13 December 2025

logo

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වැඩසටහනක්



රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදී ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. 

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය හා එක්ව මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

වර්ෂාවෙන් පසුව ඊළඟට එන විශාලම ව්‍යසනය වන්නේ ඩෙංගු වසංගතය බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය හැකිතාක් පාලනය කිරීමට උත්සහ කරන බවයි.
 
එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ මාර්ගෝපදේශ මත මෙම වැඩසටහන දියත් කරන බවද ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහලේකම් වෛද්‍ය මහේෂ් ගුණසේකර සඳහන් කළා. 

(colombotimes.lk)