12 December 2025

logo

ජපානයේ ඊසානදිග ප්‍රදේශයට ප්‍රබල භූ කම්පනයක්



ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක් අද (12) හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙරවරු 11.44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය ඇති වී තිබෙන බවයි. 

මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1ක් දක්වා ඉහළ යා හැකි බව සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා තිබෙනවා.

(colombotimes.lk)