13 December 2025

logo

ගාසා තීරයේ පුද්ගලයන් ලක්ෂ 08ක් පීඩාවට



ගැටුම් හේතුවෙන් බලපෑමකට ලක් වූ ගාසා තීරයේ පුද්ගලයන් ලක්ෂ 08කට අධික පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වී සිටිනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අධික වර්ෂාපතනය හේතුවෙන් කඳවුරුවල රැදී සිටින ගාසා වැසියන් දැඩි දුෂ්කතාවන්ට මුහුණ දී සිටින බවයි. 

ගාසා තීරයේ පැවති ගැටුම් හේතුවෙන් අවතැන් වූ ළමුන් ඇතුළු පුද්ගලයන් දහස් ගණනක පිරිසක් තාවකාලික කඳවුරුවල රැදී සිටින බවයි වාර්තා වන්නේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශේෂයෙන් කඳවුරුවල සිටින ළමුන්, පවතින ශීතාධික සහ වැසි සහිත කාලගුණය හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවයි.

(colombotimes.lk)