11 July 2025

logo

කොළඹ තීරණය හෙට



මෙරට ප්‍රධානම පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කවුදැයි හෙට (16) තීරණය කිරීමට නියමිතව තිබෙනවා. 

පසුගිය මැයි 06වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කළා. 

කෙසේ වෙතත් එහිදී සභාවේ බහුතර සභික සංඛ්‍යාව ලබා ගැනීමට එම පක්ෂයට නොහැකි වුණා. 

මේ හේතුවෙන් සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුකරන මංගල සභාවාරය හෙට සිදු කිරීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව හෙට පෙරවරු 9.30ට එම රැස්වීම මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. 

 
(colombotimes.lk)