සිය රටට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 50%ක තීරු බදු වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව බ්‍රසීල ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සඳහන් කළේ ජනාධිපතිවරයා පළි ගැනීමක් ලෙස සිය රටට එරෙහිව 50%ක තීරු බදු ඉහළ දැමීමක් සිදු කළ හොත් ඇමරිකාවටද පළි ගැනීමේ තිරු බදු ප්‍රකාශයට පත් කිරීමට තමන් තීරණය කරන බවයි.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහි බ්‍රසීලයේ අපරාධ නඩු විභාගය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ විවේචනයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
මේ අතර සිය X ගිණුමේ සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කළේ බ්‍රසීලය ස්වාධීන ආයතන සහිත ස්වෛරී ජාතියක් වන බවත් කිසිදු ආකාරයක රැකවරණයක් පිළි නොගන්නා බවයි.
(colombotimes.lk)