24 June 2026

logo

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් කැඳවීමට දිනදෙයි



අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන 28වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.

ඒ මෙම නඩුව අද (11) කැඳවූ අවස්ථාවේදීයි.

නඩුව විභාග කරන විනිසුරුවරයා අද නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ලබන 28වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)