11 July 2025

logo

රත්නපුර පළාත් පාලන ආයතන 06ක මාලිමාව බලය පිහිටුවයි



රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 06ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට හැකි වී තිබෙනවා. 

ඒ අනුව ඇඹිලිපිටිය නගර සභාව, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව, බලංගොඩ ප්‍රාදේශීය සභාව, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සහ කලවාන ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුළ ඔවුන් බලය පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ. 

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතිරි පළාත් පාලන 11 සඳහා හෙට (16) සිට ලබන 26වනදා දක්වා නගරාධිපතිවරුන් හා  සභාපතිවරුන් තෝරාපත් කර ගැනීමට නියමිතයි. 

 
(colombotimes.lk)