11 July 2025

logo

ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් සමඟ බොරතෙල් මිල සෙළවෙයි



ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72.98 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

එය 0.18%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ. 

මේ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74.23 දක්වා 2.84%කින් ඉහළ ගොස් තිබෙනවා. 

 
(colombotimes.lk)