11 July 2025

logo

ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි



ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට ඊයේ (16) අත්සන් තබා තිබෙනවා. 

මෙම ද්විපාර්ශවික ගිවිසුම අත්සන් කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි වාර්තා වන්නේ. 

ද්විපාර්ශ්වික ණය ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ප්‍රංශ ජනරජය වෙනුවෙන් බහුපාර්ශ්වික කටයුතු, වෙළඳ හා සංවර්ධන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්, භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල්, විලියම් රූස් අත්සන් කර තිබෙනවා. 

(colombotimes.lk)