24 January 2025


ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ප්‍රකාශ කරයි



2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙක් ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ අද (24) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන් වැඩිම ලකුණු ලබාගත් සිසුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බවයි.

එමෙන්ම තවත් සිසුන් 17දෙනෙක් ලකුණු 187බැගින් සහ 186බැගින් ලබාගෙන තිබෙනවා.

නිමාවූ ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයන් 319,284ක් පෙනී සිටි අතර ඉන් සිසුන් 51,244ක් සමත්වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)