29 May 2025


හල්ලොලුවගේ සිද්ධියට අදාළව 03ක් අත්අඩංගුවට



ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය (CCD) විසින්.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරු 31, 32 හා 40 යන වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා. 

ඔවුන් අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)