06 July 2025

logo

ලබන ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් 10%කින් ඉහළට



ලබන වසරේ සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා 10%ක වැට් බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

18%ක වැට් බද්ද ඉහළ නැංවීම යටතේ මෙය සිදු කිරීමට නියමිතයි.

මේ බව පසුගිය දා පැවති රජයේ මුදල් කාරක සභාවේදී සාකච්ඡාවට බදුන් වුණා.

ඒ අනුව අදාළ කාරක සභාවේදී අනාවරණය වූයේ, පෙට්‍රල් සහ ඩීසල් ගාස්තු 10%කින් වැඩි වනු ඇති බවයි.
(colombotimes.lk)