06 July 2025

logo

බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව හෙට විශේෂ රථ වාහන සැලැස්මක්



බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව හෙට (07) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. 

ඒ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ පූජක දිවියේ 50වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයන් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්වය වෙනුවෙන්.

එමනිසා ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට (07) සවස 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුළුවීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. 



(colombotimes.lk)