06 July 2025

logo

හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (05) සිට පවතින දැඩි සුළං තත්ත්වය සමඟ විශාල මාර ගසක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එලෙස කඩා වැටුණු ගස අවට වතු කම්කරුවන් සහ නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරියේ නිළධාරීන් සහ නෝර්වුඩ් පොලීසියේ නිළධාරීන් එක්ව ගස කපා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
 
වතු කම්කරුවන් කියා සිටියේ ගස කඩා වැටුණු ස්ථානයේ තවත් මාර සහ මැයි මාර ගස් කිහිපයක් කඩා වැටීමේ අවදානමක් පවතින බවයි. 

(colombotimes.lk)