ඊශ්‍රායල නියෝජිත පිරිසක් කටාර් වෙත යැවීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සඳහා වන නවතම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන්ව කටාර් වෙත යැවීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම කටාර්, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊජිප්තුවේ මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මකට අනුව හමාස් සංවිධානයට කිරීමට අවශ්‍ය වූ 'පිළිගත නොහැකි' වෙනස්කම් ලෙස විස්තර කළ දේ නොතකා මෙම ආරාධනය පිළිගත් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හමාස් සංවිධානය සඳහන් කළේ සිකුරාදා රාත්‍රියේ දින 60ක සටන් විරාමයක් සඳහා වූ යෝජනාවට 'ධනාත්මක ප්‍රතිචාරයක්' ලබාදී ඇති බවත් සාකච්ඡා සඳහා සූදානම් බවයි.
(colombotimes.lk)