ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන් මුදාගැනීම සහ අනෙකුත් සහන සේවා සඳහා උපරිම සහාය ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට වාර්තා වන ආකාරයට ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 43දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එම පිරිස අතරට ළමුන් 15දෙනෙක්ද අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම තවත් ළමයින් 27දෙනෙක් අතුරුදන්වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)