කොච්චිකඩේ පොලිස් වසමේ ලූර්දු මාවත දෙසට තිබෙන අතුරු මාර්ගයක ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියක ගැටී ඊයේ (05) අනතුරක් සිදු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සිදු වූ අනතුරෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
හලාවත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මෙම යතුරුපැදිය ගැටී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති අතර පසුපැදිකරු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ පෙරියමුල්ල පල්ලිය පාර, මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙක්.
(colombotimes.lk)