15 June 2026

logo

හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (05) පැවති දැඩි සුළං තත්ත්වය සමඟ විශාල මාර ගසක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ තිබුණා. 
 
එලෙස කඩා වැටුණු ගස වතු කම්කරුවන් සහ නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරියේ නිළධාරීන් සහ නෝර්වුඩ් පොලීසියේ නිළධාරීන් එක්ව කපා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ පැය 05ක කාලයට පසු එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි.  

(colombotimes.lk)