ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේශණ නලයේ පිරිසිදු කිරීමේ හා විශබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන්.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාප සඳහා හෙට (11) පෙ. ව. 10.00 සිට ප. ව. 8.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව නිට්ටඹුව කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම, රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)