13 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 

ඔහු අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 



02. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අදින් අවසන්

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය අද (12) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ අද (12) දිනයේදී ද Online ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.

2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.




03. චීන තීරු බදු ගිවිසුම ගැන ට්‍රම්ප් ගත් තීරණය

චීනයට පනවා ඇති තීරු බදු සඳහා තවත් දින 90ක විරාමයක් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව විශාලතම ආර්ථික රාජ්‍යන් දෙක අතර අවසන් ගිවිසුම කල් ඉකුත්වීමට පැය කිහිපයකට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙසේ චීනයට දැඩි තීරුබදු ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර තිබෙන බවයි. 

ට්‍රම්ප් චීනයට ඉහළ තීරු බදු පැනවීමේ අවසාන දිනය නොවැම්බර් 10දක්වා දීර්ඝ කරමින් විධායක නියෝගයකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.




04. රාජ්‍ය සේවයට බඳවා ගන්නා පිරිස ගැන ජනපතිගෙන් අනාවරණයක්


62,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ජාතික තරුණ දිනයට සමගාමීව මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමුළුවේදීයි. 




05. පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය නම් කිරීමට අනුමැතිය


මෙරට 37වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය නම් කිරීමට ජනපතිගේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.


 
06. රාජිතව අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙක් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 



07. චීන තීරු බදු ගිවිසුම ගැන ට්‍රම්ප් ගත් තීරණය
 
චීනයට පනවා ඇති තීරු බදු සඳහා තවත් දින 90ක විරාමයක් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව විශාලතම ආර්ථික රාජ්‍යන් දෙක අතර අවසන් ගිවිසුම කල් ඉකුත්වීමට පැය කිහිපයකට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙසේ චීනයට දැඩි තීරුබදු ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර තිබෙන බවයි. 

ට්‍රම්ප් චීනයට ඉහළ තීරු බදු පැනවීමේ අවසාන දිනය නොවැම්බර් 10දක්වා දීර්ඝ කරමින් විධායක නියෝගයකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



(colombotimes.lk)